Hot News
Hot News :

ලොව සුපතල Volkswagen සමාගම කුළියාපිටියේ ඉදිකිරිමට යෝජිත වාහන එකලස් කිරිමේ ව්‍යාපෘතිය ට අදාල සියළු කරුණු නොවලහා හෙළි කරන්න යැයි ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙදුන්ගේ සංගමය (The Ceylon Motor Traders’ Association) අදාල විෂය භාර අමාත්‍යවරයාව සිටි කබීර් හෂීම් වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටි බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේය.“මෙම ගනු-දෙනුවේ විනිවිද බව පිළිබඳව අපට විශාල ගැටළු තිබෙනවා.මෙහි මුළු ආයෝජනය ඩොලර් මිලියන 30 කටත් අඩුයි.අපේ බොහෝ වාහන අංගන වල මෙම වටිනාකමට වඩා වාහන තොග තිබෙනවා.”“අනික් එක ලංකාවේ එකලස් කරන ලද වාහන සදහා ලෝක වෙළෙඳ පොලේ කොහේද ඉල්ලුමක් ඇත්තේ.”

“අපි ඉල්ලා සිටින්නේ මෙය ඡන්ද ගූණ්ඩුවක්ද?එහෙමත් නැතිනම් අනික් වාහන සන්නම් වලටත් ලංකාවේ එකලස් කිරිමේ අංගනයක් ස්ථාපිත කරන්න අවස්ථාව ලබා දෙන්න යැයි”, මෙම ප්‍රකාශකයා කීය.The Ceylon Motor Traders’ Association හි උප සභාපතිත්වය දරන්නේ Volkswagen දේශිය නියෝජිත Senok Trade Combine (Pvt) Ltd ය.මෙහි නියෝජිතයෙකුගෙන් කළ විමසිමකදි ඔහු සදහන් කළේ මෙවැනි පසුගාමි විරෝධයන් නිසා රට පසුපස්සට යන බවත් සිදු විය යුත්තේ සියළු දෙනාට සම අවස්ථා ලැබෙන පරිදි තරඟකාරිත්වයට ඉඩ ඇහිරිම බවයි.මෙම කම්හල මගින් මුළිකව මෙරට 200 කට රැකියා අවස්ථා ලබා දිමට නියමිත බව දේශිය Volkswagen නියෝජිත Senok Automobiles Private Limited අධිපති නොයෙල් සෙල්වනායගම් මහතා මෙයට පෙර රන්දොරට කීය.මෙම ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමෙරිකාණු ඩොලර් මිලියන 26.5 ක් වන අතර එයින් මිලියන 21.5 න් ස්ථාවර වත්කම් ලෙස විදේශ සෘජු ආයෝජන ලෙසද සෙසු මුදල ණය මුදලක් ලෙසද යෙදිමට නියමිතය.වසර 08 ක කාලයක් සදහා බදු විරාම දෙන මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජන මණ්ඩල ගිවිසුම් අස්සන් කිරිම අද 13 දා සවස සිදු කෙරෙණු අතර ඒ සදහා Volkswagen නියෝජිත Senok Automobiles Private Limited අධිපති නොයෙල් සෙල්වනායගම් සහ ජර්මනියේ The Volkswagen Group වෙනුවෙන් ජර්මනියේ ශ්‍රී ලංකා රාජතන්ත්‍රක අංශයේ දෙවැනියා වන Dr. Michael Dohmen හා ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසුරිය සහභාගි විය.මෙහිදි දේශිය ටයර් යෙදවුම් ලෙස යොදා ගැනිමට කටයුතු කරන බවත් වසර දෙකක් ඇතුළත එහි වාහන නිෂ්පාදන අපනයනය කිරිමට කටයුතු කරන බවත් ආයෝජන මණ්ඩලය පවසයි.කුලියාපිටියේ අක්කර 30 ක පමණ භූම් භාගයක් අප මේ සදහා වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සදහා ඉඩම් කට්ටි 03ක් අප දැනටමත් වෙන් කර තිබෙනවා.ඒ අතුරින් සුදුසු ඉඩම් කට්ටයක් අප මෙම ව්‍යාපෘතිය සදහා දිගු කාලින බදු පදනම යටතේ ලබා දිමට නියම්තයි යැයි ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසුරිය මහතා ඒ අවස්ථාවේදි කීය.අපේ අරමුණ මේ හරහා මෝටර් රථ කාර්මිකයිනට වැඩ් පුහුණු අවස්ථා ලබා දිමයි.ඒ සමගම මේ වන විට 100 ක් පමණ පමණ වන Volkswagenඉල්ලුම සදහා දේශිය වශයෙන් යමි පිටුවහලක් ලබා දි අලුත්වැඩියා කරන ලද ජපන් වාහනයක මිලට වඩා අඩු මිලකට වාහනයක හිමිකම මෙරට වැසියනට ලබා දිමට අප කටයුතු කරනවා.ඒ වසර 03 ක් ඇතුළතදි.සෙසු අදියර වලදි අප විශේෂයෙන් ඉන්දියාව ඉලක්ක කර අපනයන සිදු කිරිමට කටයුතු කරනවා.මෝටර් රථ අංශයේ ටොයෝටා පරයමින් මේ වන විට ලොව පෙරමුණේ රාළ විමට Volkswagen සමත් වි ඇත.

දේශිය මයික්‍රෝ කාර් ව්‍යාපෘතියෙන් පසු මෙරටට ආ ප්‍රථම විදේශ වාහන එකලස් කිරිමේ ආයෝජනය මෙයයි.මෙම එකලස් කිරිමේ අංගනයේදි ඩීසල් මගින් දුවන 1,000cc to 2,000 cc කාණ්ඩයේ වාහන වන passenger cars, sport utility vehicles (SUVs), multi utility vehicles (MUVs) and commercial vehiclesඑකලස් කිරිමට නියමිතය.

දැනට මෙරට ඇති Volkswagenසන්නම්

PASSENGER CARS

 

 

POLO 1.2L MPI

POLO 1.2L TSI

GOLF 1.4L TSI

JETTA 1.4L TSI

BEETLE 1.4L TSI

PASSAT 1.8L TSI / 2.0L TDI

TIGUAN 1.4L TSI / 2.0L TSI & TDI

TOUAREG 3.0L TDI

COMMERCIAL VEHICLES

AMROK 2.0L TDI

MULTIVAN 2.0L TSI

CRAFTER 2.0L