Hot News
Hot News :

රියැදුරු බලපත් රහිතව වාහන පදවන පුද්ගලයන්ට එරහිව නඩු පවරමින් ඔවුන්ට සිර දඬුවම් ලබා දීමට කටයුතු කරන බවට පකිස්තානයේ කරච්චි නගරයේ පොලිසිය අනතුරු ඇඟවීමක් කරයි.

කරච්චි පකිස්තානයේ විශාලතම නගරයයි.

එම නගරයේ ලියාපදිංචි වාහන හතළිස් ලක්ෂයක් ඇති නමුත් එහි රියැදුරු බලපත් සහිත රියදුරන් ඇත්තේ දශ ලක්ෂයක් පමණි.

 

පොලිසියේ ඉහත කී අනතුරු ඇඟවීමත් සමඟ කරච්චි නගරයේ රියැදුරු බලපත්‍ර නිකුත් කරන කාර්යාල ඉදිරිපිට අද (02) රියැදුරන් සිය ගණනින් පෝලිම් ගැසී සිටිනු දක්නට ලැබුණි.

කරච්චි නගරයේ බලපත් නැතිව රිය පදවන රියැදුරන්ට නීත්‍යානුකුලව බලපත් ලබා ගැනීම සඳහා මාසයක කාලයක් ලබා දී ඇත.