Hot News
Hot News :

කොළඹ නගරයේ පවතින වාහන තදබදය නිසා රටට සිදු වන පාඩුව දිනකට රුපියල් බිලියනයකට අධික බව ප්‍රවාහන විද්වතෙක් පවසයි.

අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය වීම සහ කාලය අපතේ යාම නිසා ශ්‍රී ලංකාවට වසරකට රුපියල් බිලියන 397ක පාඩුවක් සිදු වන බවයි මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් දාම අධ්‍යයන අංශයේ මහාචාර්ය අමල් කුමාරගේ කියා සිටියේ. 

ජනප්‍රිය විසඳුම්

වාහන තදබදය අඩු කර ගැනීම සඳහා දේශපාලනඥයන් ජනප්‍රිය සහ ඉක්මන් විසඳුම්වලට යට කළ ජාතික ධනයෙන් පලක් වී නැති බවයි ඔහුගේ මතය. හඬ පටයට සවන් දෙන්න.

එක් අතකට පමණක් ගමන් කිරීමේ මං තීරු සහිත මාර්ගවලින් හෝ ගුවන් පාලම් තැනීමෙන් සිදු වී ඇත්තේ එක් ස්ථානයක පවතින තදබදය තාවකාලිකව තවත් ස්ථානයකට යොමු කිරීම පමණක් බව මහාචාර්ය අමල් කුමාරගේ පවසයි.

ඔහුගේ ඇස්තමේන්තුවලට අනුව දිනකට කොළඹ නගරයට ලක්‍ෂ තුනක් පමණ වාහන ඇතුළු වන අතර ඉන් ලක්ෂ දෙකහමාරකට අධික සංඛ්‍යාවක් පෞද්ගලික වාහනයි.

මේ වන විට පොදු ප්‍රවාහන සේවා මගින් දිනකට දශ ලක්ෂයකට අධික පිරිසක් කොළඹට ඇතුළු වෙති