HOME
Hot News :

  

 

 

Insuarance පාහරයෝ

All

Description

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාහන රක්ෂණ දාපු අය සහ , දාන්න ඉන්න අය වෙනුවෙන්..

( පාරිභෝගික ජනතාව මුළාකර අපහසුතාවයට පත්කරන මෙවැනි අර්ධරාජ්‍ය ආයතන හෙළා දකින්න මේක share කරලා, සහයෝගයක් දෙන්න )

 

* 18 වෙනිද මෝටර් රථය ගාල්ල කච්චියවත්ත ප්‍රදේශයෙදි  රිය අනතුරකට ලක්වුණා ( වාහනය පසුපසට ගැනීමට ගොස් අසල තිබූ කණුවක වැදුණා ) 

- සිද්ධිය සම්භන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි Evan Vishwanath 

 

* එය රක්ෂණ සංස්ථාවෙ අදාල හොට් ලයින් එකට දැනුම් දුන් පසු පැය එකහමාරකට පමණ පසු රිය අනතුර වූ ස්ථානයට   උදාසීන ගතියකින් යුතුව  පැමිණි නිළධාරියෙකු විසින් පරීක්ෂා කරන ලදුව, මා සමඟ වචනයක් හෝ කතා නොකර, මා අතට පෝරම දෙකක් පමණක් දී පිටවුණා..( සිදුවීම සම්භන්ධයෙන් සැකයක් ඇත්නම් හෝ පොදු දේපලකට අලාභයක් වුණා යැයි ඔහුට හැඟුණානම් වහාම පොලිස් වාර්තාවක් කැඳවීමට ඔහුට සම්පූර්ණ අයිතිවාසිකම තිබියදි එය නොසළකා හැර ඔහු පිටවුණා )

 

* 18 වනදා වාහනය අනතුර වූ ස්ථානයේ සිට පැපිලියාන Auto Miraj ආයතනයට ගෙන එන ලදුව 26 වනදා වන විට සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළා. ( ඒ කාලය අතරතුර insurance ආයතනයේ නිළධාරීන් පැමිණ වාහනය පරීක්ෂා කර, ගරාජය ඉදිරිපත් කළ ඇස්තමේන්තුවට අනුමත කර , වාහනය රෙපයාර් කිරීමට අනුමැතිය ලබා දී ගිය බව මට ඔවුන් දැනුම් දුන්නා.. අදාල රිසිට්පත් පවා මා සතුයි )

 

* මට අනතුර සිදු වූ දිනයේ දෙන ලද පෝරම පුරවා මා විසින් නුගේගොඩ ශ්‍රී ලංකා රක්ෂණ සංස්තාව වෙත ලබා දුන් පසු, සියලු ලියකියවිලි සම්පූර්ණව බාර දුන් බවට මා හට රිසිට්පතක් ලබාදුන්නා.

 

* අවස්ථා සිය ගණනකදී ක්ෂ්ණික ඇමතුම් අංකය මඟින් අදාල ගෙවීම් අංශයේ නිළධාරියෙකු සම්භන්ධ කරගැනීමට හැදුවද, ඔවුන් අතරමඟදී මගේ ඇමතුම පුරුදු පරිදී විසන්ධි කර එම දුරකතන ගාස්තු වියදමද මා හට දරන්නට සැළස්සුවා..

 

* 2018. 03.27 වන දින අවසානයේ ඔවුන්ගේ මූල්‍ය අංශය සම්භන්ධ කරගත් පසු එහි නිළදාරියෙකු ප්‍රකාශ කළේ වාර්තාවෙ කිසිඳු අඩුවක් නොමැති බවත්, එය අවසාන පරීක්ෂාව තකා ගාල්ල කාර්‍යාලයට යැවූ බවත් ය.

 

* එහෙත් අද දින ඉවසා බැරිම තැන , ඔවුන්ව අමාරුවෙන් සම්භන්ධ කොට ගෙන නැවතත් දුරකතනය විසන්දි නොකරන ලෙස ඉල්ලා සිටි නිසා, අදාල අංශයේ නිළදාරිනියක් මා අමතමින් ප්‍රකාශ කළේ අනතුරක් වී ඇති බව පිළිගන්නා නමුත්, ඒ සැබෑ ස්ථානයේ යැයි  ඔවුන්ට අනුමාන කළ නොහැකි බවයි.. ( ඔවුන් උපකල්පනය කරන පරිදී මාගේ මෝටර් රථයේ රිය අනතුර වෙනත් ස්ථානයක සිදු වී, මා රථය ඔසවාගෙන විත් , කණුවක් නිර්මාණය කර මා විසින් මැවූ අනතුරක් බව )

 

මට හිමි සාධාරණ  වන්දි මුදල ලබා දෙන තෙක්, මගේ ව්‍යායාමය අත් නොහරින බවටත්, ලද කෙටි වෙලාවෙන් ලියූ මේ සටහන මාගෙ සටනේ ආරම්භය පමණක් බවත් , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පොන්න පකිරෙන්තුවන්ට දන්වන අතර, මෙවැනි මූසල ආයතන සමඟ කෙදිනකවත් ගණුදෙනු නොකරන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටීමටද කැමැත්තෙමි....

 

- කාවින්ද ගමගේ

 

Srilanka insurance

Sri Lanka Insurance Motor Plus

Ad details

Ad ID : 747
මාතර ,Matara
1 month, 17 days ago
291 Views

Advertiser details

rentacar.lk (63)
0112796596
info@rentacar.lk
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.