HOME
Hot News :

  

 

 

පොලෝසිය කියවීම අංක 01 - නවත්වා පරීක්ෂා කරන්න තියෙන බලතල

Popular All

Description

නවත්වා පරීක්ෂා කිරීම කියන එක සිද්ධ වෙන්නේ පොලිස් නිලධාරියෙක් ඔබ ගමන් කරමින් ඉන්න වෙලාවක නවතින්න කියලා ඔබව, ඔබේ ගමන් මලු හෝ ඔබේ වාහනය පරීක්ෂා කරන වෙලාවකයි.

  • සාධාරණ සැකයක් ඇති වීම පරීක්ෂා කරන්න ප්‍රමාණවත්. නවත්වා පරීක්ෂා කිරීමක්, ඒ කියන්නේ කලින් කිව්වා වගේ ඔබව නවත්වලා ඔබ සතු දෑ පරීක්ෂා කිරීමක් කරන්න ඕනෑම පොලිස් නිලධාරියෙක්ට බලතල තියෙනවා. මේකට ඔබේ ඇඳුම් ඇතුලේ යමක් සඟවා ගෙන ඉන්නවාද කියන එක දැන ගන්න අත ගා බැලීම, සාක්කු වල තියෙන දේවල් එලියට ගන්න කීම, ගමන් මල්ල විවෘත කරන්න කීම සහ වාහනයේ ඩිකිය හෝ වෙනත් බහාලුම් විවෘත කරන්න කීම වගේ දේවල් අයත්. ඔබ ළඟ නීති විරෝධී යමක් තියෙන බවට සාධාරණ සැකයක් ඇති වෙන හේතුවක් තියෙන එක මේ විදිහට පරීක්ෂා කරන්න ප්‍රමාණවත්. එම පරීක්ෂා කිරීමෙන් ඔබ ළඟ නීති විරෝධී යමක් නැති බව තහවුරු වුණත් ඒ ගැන එම පොලිස් නිලධාරීයාට එරෙහි වෙන්න බැහැ.
  • ඔබව, ඔබේ ගමන් මලු හෝ වාහනය පරීක්ෂා කිරීම ඕනෑම තැනකදී කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා පවතින නියමිත ක්‍රමවේදය අනුගමනය කරන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් පරීක්ෂා කිරීම් කෙරෙන්නේ පොදු ස්ථාන වල තමයි. නමුත් වෙනත් ස්ථානයකදී පරීක්ෂා කරන්න බැහැ කියලා නියමයක් නැහැ. නමුත් අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. අදාළ පොලිස් නිලධාරියා තමන්ව හඳුන්වා දීම අත්‍යාවශ්‍යයි (නම, ශ්‍රේණිය සහ පොලිස් ස්ථානය) පොලිස් නිලධාරියා තම නිල ඇඳුමෙන් සිටින වෙලාවක වුණත් මේක කරන්න අවශ්‍යයි. ඒ වගේම ඔබව හෝ වාහනය නැවත්වීමට හේතු වුණේ මොකක්ද, පරීක්ෂා කරන්නේ ඇයිද කියන එකටත් හේතුවක් ලබා දිය යුතුයි.
  • ඇඳුම් ඉවත් කර පරීක්ෂා කිරීමක් කරන්න පුළුවන් සංවෘත ස්ථානයකදී විතරයි. යම් නීතිමය හේතුවක් නිසා ඔබේ ඇඳුම් ඉවත් කරන්න කියා හෝ යම් ආගමික පළඳනාවක් ඉවත් කරන්න කියලා කියනවා නම් ඒ සඳහා ඔබව සංවෘත ස්ථානයකට ගෙන යන්න අවශ්‍යයි. (පොදු තැනකදී කරන්න බැහැ) ඒ විදිහට ඇඳුම් ඉවත් කර පරීක්ෂා කරන්න සාධාරණ හේතුවක් තිබීමත්, එය ඔබට පැවසීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් ඒ විදිහට ඇඳුම් ගලවා පරීක්ෂා කිරීමක් අවශ්‍ය වන අවස්ථාවකදී වුණත් ඔබේ යට ඇඳුම් ඉවත් කරන්න කියලා බල කරන්නට පොලිස් නිලධාරියාට බලතලයක් නැහැ.

ඒ වගේම ඔබ සඟවා ගෙන තිබෙනවා යැයි සිතන යම් දෙයක් පරීක්ෂා කිරීම සඳහා ශරීරය අත ගා බැලීමට අවසර තියෙන්නේ ඔබ කාන්තාවක් නම් කාන්තා නිලධාරිනියකට හෝ ඔබ පිරිමියෙකු නම් පිරිමි නිලධාරියෙකුට පමණයි. (මේ අවස්ථා වල අත්වැසුම් සපයා ගන්න හැකියාවක් තියෙනවා නම් ඔහු / ඇය ඒවා පැළඳ සිටීමටත් අවශ්‍යයි)

අපරාධ නීතියේ 30 වන පරිච්ඡේදය ඇතුළේ පහත වගන්තිය පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. “යම් අවස්ථාවක කාන්තාවක් පරීක්ෂා කිරීමකට භාජනය කිරීමට සිදු වේ නම් එම කාර්යය අනිවාර්යයෙන්ම තවත් කාන්තාවක් විසින් සිදු කිරීමත්, පරීක්ෂා කිරීම අතරතුරදී සදාචාරාත්මක ක්‍රියාවිධි පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කිරීමත් අත්‍යාවශ්‍ය වේ.” මේකේ අදහස ඔබ කාන්තාවක් නම් ඔබව පරීක්ෂා කරන්න කාන්තා නිලධාරිනියක් නොසිටින අවස්ථාවක නිල ඇඳුමෙන් සිටින පොලිස් නිලධාරියෙක් විසින් සුදුසුයි කියා තීරණය කරන වෙනත් කාන්තාවකටත් මේ විදිහට ඔබව පරීක්ෂා කරන්න හැකියාව තියෙනවා කියන එකයි. (නීතිමය වශයෙන් මෙය ගැහැණු පිරිමි පාර්ශව දෙකටම අදාළ වුණත් ප්‍රායෝගිකව කාන්තා නිලධාරිනියකට පොලීසියේ නොවන පිරිමි පුද්ගලයෙකු ලවා පිරිමි කෙනෙකු පරීක්ෂා කරවන්න සිදු වෙන අවස්ථා විරලයි)

Ad details

Ad ID : 263
battaramulla ,Battaramulla, Colombo - 094
6 months, 1 week ago
1080 Views

Advertiser details

rentacar.lk (51)
0112589635
info@rentacar.lk
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.