HOME
Hot News :

  

 

හෙටත් මංගල නග්ගන තෙල

Description

මුදල් අමාත්‍යාංශය විසින් මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉදිරි මාසය සඳහා වන නව ඉන්ධන මිල ගණන් හෙට (11) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්ධන මිල සුත්‍රයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු5කින් ද ඩීසල් ලීටරයක් රු.4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු. 08 කින් ඉහළ දැමීමට පියවර ගැනුණා.

එසේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවුයේ පෙබරවාරි මස 01 වෙනිදා වන විට අමෙරිකානු ඩොලර් 55ක මිලකට තිබු බොර තෙල් බැරලයක් සතියක් වැනි කෙටි කාලයක් තුලදී අමෙරිකානු ඩොලර් 60ක අගයක් දක්වා ඉහළ මිල යාමත් සමගයි. ඒ වෙනිසියුලාවේ හට ගෙන තිබෙන දේශපාලන අස්ථාවර භාවය සහ ඔපෙක් සංවිධානය සිය දෛනික බොර තෙල් නිෂ්පාදනය සිමා කිරීම හේතුවෙන්.

මේ වන විට ලෝක වෙළදපලේ බොර තෙල් බැරලයක මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමක් සිදුව ඇති බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියා.

මෙක්සිකානු කළාපයේ බොරතෙල් නිෂ්පාදනය පහළ වැටීම සහ වෙනිසියුලාවේ පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ පෙබරවාරි මස පළමු සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් තැරව්කාර සමාගමේ මිල දර්ශකයට අනුව මේ වන විට බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 65.75ක් ලෙස ඉහළ ගොස් ඇත. 

ඊට අමතරව ඔපෙක් සංවිධානයේ බොර තෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 65.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී මෙම මිල තවත් ඉහළ යනු ඇති බව වෙළදපල විශ්ලේෂකයින් මත පළකර සිටියි. ඒ සවුදි අරාබිය විසින් දෛනිකව සිදුකරන බොර තෙල් බැරල් මිලියන 10.1ක නිෂ්පාදනය මාර්තු මාසයේ සිට මිලියන 9.8ක් දක්වා පහත හෙලීමට තීරණය කිරීමත් සමගයි.

හෙට දිනයේදී රැස්වීමට නියමිත ඉන්ධන මිල සුත්‍ර කමිටුව ලෝක වෙළදපලේ පවතින බොරතෙල් මිල සැසදීමෙන් අනතුරුව නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර බොහෝ විට ඉන්ධන මිලෙහි ඉහළ යාමක් සිදුවීමට ඉඩකඩ ඇති බවයි වාර්තා වන්නේ.

Ad details

Ad ID : 1058
2 months, 15 days ago
354 Views

Advertiser details

rentacar.lk (57)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.