HOME
Hot News :

  

 

සම්පත් බැංකුවේ තිබෙන ඔබගේ මුදල් ආරක්ෂිතද

Description

සම්පත් බැංකුවේ තිබෙන ඔබගේ මුදල් ආරක්ෂිතද යන්න නැවත සිතන්න
සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසිය වෙත නියෝගකර තිබේ.

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇත්තේ, එම බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරුවෙකු හා ශාඛා කළමනාකාරිනිය හා එක්ව එම බැංකුවේම කළමණාකරුවෙකු විසින් බව රහස් පොලිසිය දැනටමත් අනාවරණය කරගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කර ඇත.

එම වංචාවට ගොදුරු වූ තැන්පත්කරුවකු වන දේශීය වෛද්‍යවරයකු විසින් රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් කිරීමත් සමඟම, මෙම මූල්‍ය වංචාව හෙළිකර ගැනීමට හැකිව තිබේ.

මේ පිළිබඳව රහස් පොලිසිය අංක 19430 යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ද ගොනු කර ඇත.

එම නඩුවට අදාළව සම්පත් බැංතුවේ කළමනාකරුවකු ඇතුළු දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

සම්පත් බැංකුව තුළ සිදුව ඇතැයි කියන මෙම මහා පරිමාන මූල්‍ය වංචාව හෙළිදරව්වීමත් සමඟ මේවන විට එම බැංකුවේ තැන්පත්කරුවන් සිය තැන්පතු මුදල් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

මෙම මහාපරිමාන මුදල් වංචාව සම්බන්ධයෙන් තැන්පත්කරුවන්ට තොරතුරු යාම වැලැක්වීමට එම බැංකුවේ ඉහල නිලධාරීන් මාධ්‍ය ආයතනවලට බලපෑම් සිදු කළ බවට ද මාධ්‍ය වාර්තාකර තිබිණි.

කෙසේවුවද, මේ වංචාව සම්බන්ධ කාරණාව සත්‍යක් බව සම්පත් බැංකුව පිළිගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බැවින් එහි වැඩි තොරතුරුදීම ප්‍රතික්ශේප කර තිබේ.

බැංකුව මේ ප්‍රකාශය කර තිබුණේ ඩේලි ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් කර තිබූ අනාවරණයක් අනුව සමාජ මාධ්‍ය තුළ ගොඩ නැගුණු රැල්ලට පිළිතුරු ලෙසය.

පසුගිය අඟහරුවාදා වන විට සම්පත් බැංකුවේ කොටසක් රුපියල් 4.70 කින් හෙවත් රුපියල් 2.00 කින් ඉහළ ගොස් රුපියල් 239.70 ක් විය.

Ad details

Ad ID : 1056
2 months, 17 days ago
421 Views

Advertiser details

rentacar.lk (57)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.