HOME
Hot News :

  

 

express train පෙන්නලා express චන්දෙ ගන්න හැටි

Description

යාපනය හා කොළඹ කොටුව අතර පැය පහක කාලයකින් දුම්රියක් ධාවනය කරවීමට හැකිවන පරිදි දුම්රිය මාර්ගය සැකසීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ.

අග‍්‍රාමාත්‍යවරයා හා ප‍්‍රවාහන අමාත්‍යවරයා පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී ලැබුණු තොරතුරු මත මෙම අවශ්‍යතාවය ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස දුම්රිය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු මාධ්‍යයට පවසන්නේ කොළඹ හා යාපනය අතර දුර ප‍්‍රමාණය දළ වශයෙන් කිලෝමීටර් 399 ක් පමණ වූවත් පැය පහක කාලයකදී දුම්රියක් මේ නගර දෙක අතර ධාවනය කරවීමට නම් පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් එමදුම් රිය ධාවනය කළ යුතුව ඇති බවයි.

නමුත් උතුරු දුම්රිය මාර්ගයේ දැනට පවතින තත්ත්වය අනුව ඕමන්තේ සිට කන්කසන්තුරය දක්වා වූ දුම්රිය මාර්ග කොටසේ එම වේගයෙන් දුම්රිය ධාවනය කරවීම කිසිදු ප‍්‍රශ්නයක් නොවන බව ඔහු පැවසීය.

ඉන්දීය රජය එම දුම්රිය මාර්ගය සකසා ඇත්තේ එම වේගයෙන් දුම්රියක් ධාවනය කරවීමට හැකිවන අයුරින් බව කී ඔහු පොල්ගහවෙල හා කොළඹ අතර මාර්ග කොටස සුළු සකස් කිරීමකින් පසුව එම තත්ත්වයට පත් කළ හැකි බව සඳහන් කළේය.

නමුත් පොල්ගහවෙල සිට ඕමන්ත දක්වා කොටස සම්පූර්ණයෙන්ම සකස් කළ යුතුව ඇති බවත් මේ සදහා විශාල මුදලක් වැය වන බවත් පෙන්වා දුන් එම ඉංජිනේරුවරයා තව දුරටත් කියා සිටියේ මේ වේගයෙන් ධාවනය කළ හැකි නවීන පහසුකම්වලින් යුත් දුම්රිය දෙකක්වත් ඊට අවශ්‍ය බවයි.

ඒ සදහා ද තවත් විශාල මුදලක් වැය වන බව ඔහු කියා සිටියේය.

Ad details

Ad ID : 1050
2 months, 25 days ago
370 Views

Advertiser details

rentacar.lk (57)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.