HOME
Hot News :

  

 

පානදුරෙන් කුලියට අරන් කොල්ලුපිටියෙන් එලියට ඇවිත්

Description

 

කොල්ලුපිටියේදී සොයා ගැනුණු මෙරට විශාලතම හෙරොයින් තොගය රැගෙන ආ වාහන සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම හෙරොයින් තොගය රැගෙන ඒමට වාහන 02ක් භාවිත කර ඇති බවයි. ඒවා කුලී පදනම මත ලබා ගත් වාහන බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. එක් වාහනයක් පානදුර ප‍්‍රදේශයෙන් ද, අනෙක් වාහනය කෙසෙල්වත්ත ප‍්‍රදේශයෙන් ද ලබා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාර්තු 01වැනිදා තෙක් රඳවා ගෙන ප‍්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඊයේ (24) අවසර හිමිවුණා.

කොල්ලුපිටියේදී සොයා ගැනුණු මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2945කට අධිකයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ වැටලීමකදී සොයා ගැනුණු හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 294යි ග‍්‍රෑම් 490ක්. 

Ad details

Ad ID : 1046
2 months, 28 days ago
363 Views

Advertiser details

rentacar.lk (57)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.