HOME
Hot News :

  

 

ශ්‍රී ලංකික දරුවන් තිදෙනෙකු මියයයි .

Description

 

ඕමානයේ ජෙබෙල් අක්දාර් ප්‍රදේශයේ සිදු වූ  රිය අනතුරකින් ශ්‍රී ලංකික දරුවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය තහවුරු කර සිටිනවා.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ මව දියණියන් වන ආෆා අහමද් සකී (09)  නාවල් අහමද් සකී (14) යන දැරියන් දෙදෙනා සහ ඔවුන් සමඟ ගමන් ගත් ෆාක් අහමද් මුසාම් කුඩා පිරිමි දරුවෙක් බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.
 
අනතුරෙන් මියගිය දරුවෝ තිදෙනාම ඕමානයේ මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි අය බව හඳුනාගෙන ඇත. මෙම රිය අනතුරෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඕමාන පොලීසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි. 
 
එකම පවුලේ මව පියා දියණියන් දෙදෙනා පුතා සහ ඔවුන්ගේ යහළුවන් වන තවත් පිරිමි ළමයින් දෙදෙනෙකු පසුගිය සෙනසුරාදා දිනයේ විනෝද චාරිකාවක් යන අතරතුර මෙම අනතුරට ලක්වී ඇති බව සඳහන්. රිය අනතුරෙන් මෙම ශ්‍රී ලාංකික පවුලේ පියාද තුවාල ලබා සිටියි.

පොලිසිය පවසන්නේ රියපැදවූ පුද්ගලයාට වාහනයේ වේගය පාළනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබු කණුවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
 
රිය අනතුරින් මියගිය දරුවන් තිදෙනාම  ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා පාසලේ අධ්‍යාපනය ලබමින් සිටින අය වන අතර මෙම හදිසි මරණයට ශෝකය පළ කිරීමක් වශයෙන් මස්කට් නුවර ශ්‍රී ලංකා පාසල ඊයේ (24) දින සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කර තිබු බව ඕමාන මාධ්‍ය වාර්තා කර සිටියා.

Ad details

Ad ID : 1045
2 months, 28 days ago
373 Views

Advertiser details

rentacar.lk (57)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.