HOME
Hot News :

  

 

අප්පල ලක්ෂ 5 ක් නොගෙවූ BABY ලා 7 ක් හෙට වෙනතුරු REMAND

Description

 

අධිකරණය විසින් නියම කරන ලද ඇප කොන්දේසි සපුරා ගත නොහැකිවීම හේතු කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුළු තවත් පුද්ගලයින් හත් දෙනෙකු හෙට (26) දිනය දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (25) නියෝග කරනු ලැබුවා. 

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 08 දෙනෙක් අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී අනතුර සිදුකළ බව කියන ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කරනු ලැබූ කවිදු උදේෂ් රත්නායක ලබන මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සෙසු සැකකරුවන් 07 දෙනා රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් වන පරිදි මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. 

කෙසේ වුවත් ඇප කොන්දේසි සපුරා ගත නොහැකිවූ මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුළු හත් දෙනෙක් හෙට දිනය දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා පසුව නියෝග කර තිබෙනවා. 

Ad details

Ad ID : 1044
2 months, 28 days ago
383 Views

Advertiser details

rentacar.lk (57)
Contact Advertiser Share

Add comment

 
 

Contact form

What's wrong with this ad?

Sorry, you need to register or login first.

Add to favourites

Sorry, you need to register or login first.